අලි සබ්රි රහීම්ව අපේ දේශපාලනයෙන් අතුගාලා දාන්න අපි තීරණය කරලා ඉවරයි ආයේ පුත්තලමෙන් අලි සබ්රිට කිසිම ඡන්දයක් දෙන්න ජනතාව කටයුතු කරන්නෙ නෑ  යැයි වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රි එහියා මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත ශ්‍රි ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මාධ්‍ය හමුවක් (23) වන දින පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් මහතාගේ තිල්අඩිය පිහිටි නිවසේදී සංවිධානය කර තිබි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා පවසා සිටියේ.

අපේ පක්ෂය දැඩි ජනතා වරමෙන් ශක්තිමත් වුන පක්ෂයක් ඒ නිසා රටේ අපේ පක්ෂයට ලොකු ශක්තියක් තියෙනවා. නායක තුමා තීන්දු තීරණ ගන්නෙ ජනතාවගේ කැමැත්ත අනුව එදා ඉදලා මේ දක්වා අවුරුදු 33ක් පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් නැතුව ඉදලා අපි ගෙනාපු පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් වුණේ නෑ. අපේ ජනතාවගේ බලාපොරොත්තු අල්පයක්වත් ඉටු උනේ නෑ. අපිට පාසල් පොත් පත් දෙන්න අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අවශ්‍ය නෑ. අපේ ජනතාවගේ විශාල අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ සටනට තමයි අපි නායකත්වය බිහිකෙරුවෙ. ඒ නායකත්වය ඡන්දයෙන් පසුදාම පක්ෂයටත් ලොකු අසාධාරණයක් කරලා පක්ෂයට හානිත් කරලා පුත්තලම ජනතාවගේ මූණට කෙළ ගහලා කෙලින්ම ගිහිල්ලා ආණ්ඩු පක්ෂයට එකතු උනා. ජනතාවගේ මොනතරම් අඩුපාඩු තියෙනවද එක ප්‍රශ්ණයක් ගැනවත් සොයා බලන්නෙ නැතුව ආණ්ඩු පක්ෂයෙ ගිහිල්ලා ඉද ගත්තා. ඒ නායකත්වය පුත්තලම ජනතාව විතරක් නෙමෙයි මුළු රටම හෑල්ලුවට දැකපු නායකයා   අලි සබ්රි රහීම් නැවතත් අපේ පක්ෂය එක්ක එකතු වෙලා සන්ධාන ගත වෙන්න හදනවානම් ළගටවත් ගන්නෙ නෑ. ගාව ගන්නෙත් නෑ. අපේ නායක තුමත් කැමති නෑ ළගට ගන්න තියා කතා කරන්නවත් 

දේශපාලනය කියන්නෙ පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන් යන ගමනක් නෙමෙයි. දේශපාලන නායකයෙක් කියන්නෙ ජනතාවගේ ප්‍රශ්ණ ගැටළු වලට විසදුමක් හොයන එව්වට ඇහුම්කන් දෙන කෙනෙකුව තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නෙ. නමුත් පුත්තලමෙ අපිට ඒක හීනයක් උනා. එතුමාම කියනවා මට ගොඩක් ගැටළු තිබුණා ප්‍රශ්ණ තිබුණා මට ඉඩම් ප්‍රශ්ණ තිබුණා එව්වා කව්රුත් කරලා දුන්නෙ නෑ. මම දේශපාලන නායකයින්ට මුදල් දුන්නා ඒ සල්ලි දීලත් මට මගේ වැඩේ කර ගන්න බැරි උනා. ඒ නිසා මම පාර්ලිමේන්තු ගියා එහෙම ගියාට පස්සෙ මට මේක පහසුවෙන් කර ගන්න පුළුවන් උනා. මම දැන් කර ගත්තා කියලා කිව්වා. ඒ නිසා නැවත කිසිම මොහොතක අලි සබ්රි රහීම්ව අපේ දේශපාලනයෙන් අතුගාලා දාන්න අපි තීරණය කරලා ඉවරයි ආයේ පුත්තලමෙන් අලි සබ්රිට කිසිම ඡන්දයක් දෙන්න ජනතාව කටයුතු කරන්නෙ නෑ මොකද ජනතාව දැන් මෝඩ නෑ. 

එම මාධ්‍ය හමුව සදහා හිටපු අමත්‍යවරයා සහභාගි නොවූ අතර, එතුමන්ගේ නව පක්ෂයේ සංවිධායකවරු පිරිසක් විසින් මෙම මාධ්‍ය හමුව සිදු කරන  ලදි. ඒ සදහා හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රි තාහීර් මහතා, වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී එහියා, පුත්තලම නගර සභාවේ හිටපු උප නගරාධිපති අලිකාමි යන අයගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ පිරිස් පවසා සිටියේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් මන්ත්‍රී වරයාගේ ක්‍රියා කලාපය අශෝභන බවත්, ඔහු ජනතාවගේ ඡන්දය ලබා ගෙන තමන්ගේ පක්ෂයද අමතක කරමින් රජයට සහය පල කිරීම තරයේ හෙළා දකින බවයි.

(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here