ඉංග්‍රිසි භාෂාව මෙන්ම චීන භාෂාවත් හින්දි භාෂාවත් අප ඉගෙන ගත යුතු බවත් ලෝකයේ වැඩිම ශ්‍රම වෙළෙඳපොළක් ඇත්තේ මේ රටවල් ද්විත්වයේ බවත් එම නිසා එම ශ්‍රම වෙළෙඳපොළ අප ඉලක්ක කර ගත යුතු බවත් මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ අනාගතවාදී ඉදිරි දැක්මක් සහිතව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර උඩුනුවර දවුල්ගල වැලිගල්ල උඩුඅළුදෙණිය මහා විද්‍යාලය සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 351 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.