ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙන අතර එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
මෙවර LPL තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙස දක්ෂතා අතරට එක්වූ චමිඳු වික්‍රමසිංහ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක් වේ.
ඒ අනුව සංචිතයේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින් දැක්වේ.
චරිත් අසලංක (නායක),පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස් .කුසල් ජනිත් පෙරේරා,කමිඳු මෙන්ඩිස්,දසුන් ශානක,වනිඳු හසරංග,මහීෂ් තීක්ෂණ,මතීෂ පතිරණ,නුවන් තුෂාර,දුනිත් වෙල්ලාලගේ,දුෂ්මන්ත චමීර,බිනුර ප්‍රනාන්දු,දිනේෂ් චන්දිමාල්,අවිශ්ක ප්‍රනාන්දු,චමිඳු වික්‍රමසිංහ
දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.