ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සදහා සහභාගී වීම සඳහායි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේ.
පළමුව විස්සයි විස්ස තරග 03 කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන 07/27 දින, 07/28 දින සහ 07/30 දින රාත්‍රී 07.00 ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 08/02, 08/04 දින සහ 08/07 යන දින තුන තුළ පස්වරු 02.30 ට මෙම එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.