උඩරට දුම්රිය මාර්ගයේ පටිට්පොල සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට (19) දින උදැසන ගස් කිහිපයක් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ගස් කඩා වැටි ඇති ස්ථානයේ නතර කර ඇති බවත්, එම දුම්රියේ ගමන් ගත් මගින් සහ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් එක්ව කඩා වැටි තිබු ගස් කිහිපයක් ඉවත් කරමින් සිටින බවත්, දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එම ස්ථානයට ළගා වෙමින් පවතින බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here