ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ධම්මික නිරෝෂණ ව ඔහුගේ නිවාස ඉදිරිපිටදී ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් එම සැකකරුව  අත්අඩංගුවට ගත් බව එම ඒකකය ප්‍රකාශ කළේ.

ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි ඝාතනය සඳහා සැකකරුවන් තිදෙනෙක් පැමිණ තිබූ අතර අනෙක් දෙදෙනාව හදුනාගෙන ඇති බවද නිලධාරින් ප්‍රකාශ කළා.

48 හැවිරිදි සැකකරුව බලපිටිය රන්දොඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,800 ක්ද සමඟයි.

වෙඩික්කරුවන් වෙස්වලාගැනිමට යොදාගත් ඇඳුම් කට්ටල ඇල්පිටිය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනය විදෙස් රටකින් ලැබුණු කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට පොලීසිය සැක පල කරනවා.

එම සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගොස්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here