පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගොස් සිටිය දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඉන් අනතුරුව වසන්ත‌ගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පිහිටා ඇති පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබන බවට ප්‍රකාශ වීමත් සමඟ පසුගිය 10 වැනිදා රාත්‍රියේ තමන් කංජිපානි ඉම්රාන් යැයි හඳුන්වාදුන් පුද්ගලයෙකු විසින් තර්ජනාත්මක ඇමතුමක් ලැබුණු බවයි, එහි හිමිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ.

ඒ හේතුවෙන් බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළ අතර මල්ශාලාව අසල ආරක්ෂාවද තර කළා.

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 05.00ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here