ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ විසි එක් හැවිරිදි තරුණියක සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හා තවත් අයෙකු ඝාතනයට ලක්වුණා.
එම ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන විසි එක් හැවිරිදි තරුණියක මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඇය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
ඝාතකයින්ට නවාතැන් හා ප්‍රවාහන පහසුකම් සලසා දීම ආදී චෝදනා ඇයට එල්ලවී තිබෙනවා.