අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැකකරුවන් පලාගිය වෑන් රථය කැලෑ රොදක තිබූ හමු වී තිබෙනවා.
අද (08) උදැසන 10ට පමණ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෝටර් රථයකින් පැමිණ වෙඩික්කරුවන් ටී 56 ගිනිඅවි දෙකක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.
වෙඩික්කරුවන් වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා වෑන් රථයකින් පලා ගිය අතර මෙලෙස හමු වී ඇත්තේ එම වෑන් රථයයි.



van
hi