ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර, අද පස්වරුවේ මහනුවර නගරයට ඇදහැලුනු අධික වැසි සමග මහනුවර දුම්රිය ස්ථානය හා බෝගම්බර බස් නැවතුම ඉදිරිපිට මාර්ගය වැසි ජලයෙන් යටවී තිබෙනවා.
ලංකා මහවැලි අධිකාරිය පවසන්නේ, මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශ වේල්ලේ දොරටු 04ක් විවෘත කළ බවයි.
මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.