හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

 කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා 2021 අගෝස්තු මස 16 වන දින මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවා.

මෙම ගුවන් පාලමේ දිග මීටර් 254 ක් වන අතර පළල මීටර් 9.4 ක්.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකළ අතර එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කර තිබෙනවා.

මේ සඳහා වැයවුණු මුදල රුපියල් මිලියන 3599 ක්.

අද පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මෙම නව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here