කෝවිලකින් අතුරුදහන් වූ රන් පවුම් 68ක් සමග රුපියල් ලක්ෂ 8 සම්බන්ධයෙන් එම කෝවිලේ පූසාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පූසාරිවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද ස්වර්ණාභරණ වලින් රන් පවුම් 40ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අනෙක් ස්වණාභරණ උකස් තබා ඇති බව අනාවරණය වුණා.

මේ අතර, සොරාගත් මුදල් රුපියල් ලක්ෂ 8ක් බැංකුවක තැන්පත් කොට තිබෙන බවද හෙළිකර තිබුණා.

ස්වණාභරණ හා මුදල් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝවිලේ ප්‍රධාන පූසාරිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් එහි දායකයෝ පසුගියදා උද්ඝෝෂණයක නිරත වුණා.

පොලිසිය පැවසුවේ, ඉන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරන 28 හැවිරිදි අයෙකු බවයි.

සැකකාර පූසාරීවරයා යාපනය – ඌකාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here