ඊයේ දින ගල්කිස්ස පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා එය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් හා ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 21 ත් 32 ත් අතර වයස්වල පසුවන මීගමුව, මාතලේ, මාවනැල්ල හා දෙනියාය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.