2024 LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරගයේ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංග්ස් පැවැත්වුණු අතර, එහිදී කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමටගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ගෝල් මාර්වලස් කණ්ඩායම LPL අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගෝල් මාර්වල්ස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here