ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ, පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බවයි.

අද (16) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, ඔහු ඒ බව සඳහන් කළා.

“1986 මේ වගේම පඩි වැඩි කළා.ඒකෙදි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා නඩු තීන්දුවක් තියෙනවා එහෙම අසමාන ලෙස සලකන්න බැහැ කියලා. අපි මේ වගේ හොරිකඩයන්ට හොරිකඩ වැඩ කරන්න ආණ්ඩුවට ඉඩ තියන්නේ නැහැ. ඒක පදනම් කරගෙන අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.”

මේ අතර, පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here