ඡායාරූපයක් ලබාගැනීම සඳහා වාද්දුව තල්පිටිය ස්ටූඩියෝ එකට පැමිණි පාසල් සිසුවියකගේ මුහුනේ දහඩිය පිසදමන මුවාවෙන් පපු පෙදෙස ස්පර්ශ කල බව කියන ඡායාරූප ශිල්පියෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

පැමිණිලිකාර සිසුවිය ඡායාරූපයක් ලබාගැනීම සදහා ඇයගේ ලොකු අම්මා කෙනෙක් සමග ඡායාරූපාගාරයට ගොස් සිටියදී අතවරයට ලක්වූ බව සදහන් වේ.

ඡායාරූපය ගැනීමට පෙර දැරියගේ මුහුනේ දහඩිය ඇති බව සැකකරු පවසා දහඩිය පිසදමන මුවාවෙන් පපු පෙදෙස ස්පර්ශ කර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බවද පොලිසිය සදහන් කරයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතා ගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විශාකා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .

(කළුතර- සම්පත් කුලරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here