ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපති, ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවද ඇය ප්‍රකාශ කළා ය.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඊට අදාල පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මැතිවරණයකදී රාජ්‍ය නිලධාරින් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර ඇතැයිද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here