ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

එම රැස්වීම මේ වන විට පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරයා ගත් තීන්දු දෙකක්ම සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග දෙකක් පැනවුණා.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට ගැනීමෙන් අනතුරුව‍යි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කළා.

මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය අප්‍රේල් මස 29 වැනි දින නිකුත් කළ ප්‍රජා කමිටු පත් කිරීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛය යටතේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූවා.

තවද යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බව සදහන් කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත අද ලිපියක්ද යොමු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here