අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇත.
ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් වෛරය ආසාදනය වී තිබෙයි .
81 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබු සිය දේශපාලන ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර ඇත.