ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රාත්‍රී 8 වනවිට නින්දට යනවා යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් චෝදනා කර ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
‘මම අවදි වෙන්නේ උදේ 7 ට. මම මධ්‍යම රාත්‍රිය තෙක් වැඩ කරනවා. මහන්සි වෙනවා. මට රාත්‍රී අට වෙද්දී නිදා ගන්න ලැබෙනවා නම් ඒක ඇත්තටම සැනසිල්ලක්’