පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා සේවා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙන බව පැවසෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය ඊයේ (13) සිට බලාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here