වාරියපොළ පොලිස් බල ප්‍රදේශයට අයත් පහළ දම්පිටිය ප්‍රදේශයේ ඊයේ සහ පෙරේදා දින පැවැති මරණාධාර සමිතියට ආධාර පිණිස පවත්වන ලද නාට්‍ය සංදර්ශනය යන අතරතුර පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකුගේ පැළඳ සිටින හඳුනා ගැනීමේ අංකය උදුරාගෙන යෑමේ පුවතක් වාර්තා වෙනවා.
මෙම හඳුනා ගැනීමේ අංකය රැගෙන ගිය පුද්ගලයා ආසන්න ගමක තරුණයකු බවයි සඳහන් වන්නේ.
මෙම තරුණයා මීට මාස කිහිපයකට පමණ පෙර මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා ගොස් යම් ස්ථානයකට ගොස් ඇති අතර එම ස්ථානයට පැමිණි අදාල පොලිස් නිලධාරියා ස්ථානයේ රැඳී සිටියේ ඇයි දැයි පවසමින් දරුණු ලෙස පහරදී තිබෙනවා.
එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය නොකර සිටි බවත් සඳහන්.
පසුව අදාල පොලිස් නිළධාරීයා ඔහුට විරුද්ධව වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ගොනුකර රුපියල් දහ දාහක දඩයක්ද නියම කර තිබෙනවා.
තමාව බොරු නඩුවකට යොමු කිරීම නිසා එයට උරණව සිටි මෙම තරුණයා අදාල නිලධාරියා ඊයේ දින නාට්‍ය සංදර්ශනයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි බව දැක කළුවර සහිත යම් ස්ථානයකට ගිය අවස්ථාවේ ඔහු වෙත පැමිණ ඔහුගේ නිල අංකය උදුරාගෙන පැන ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව වාරියපොළ පොලිසියෙන් පැමිණ නාට්‍ය සංදර්ශනය බලමින් සිටි තරුණයන් රැගෙන ගොස් ඇත.