නිවිතගල පොලස් වසමේ වටාපොත යෞවුන් ගම්මානයේ අඩි පාරක 2024.07.08 වන දින තුවාල සහිතව මියගොස් සිටි වයස අවුරුදු 16ක් වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබාදී ඇත.
ඒ අනුව මෙම මරණය මොට ආයුධයකින් හිසට සිදුවූ බරපතල තුවාල නිසා සිදුව ඇති වූ මරණයක් බව අනාවරණය වී තිබේ.
විමර්ශන සිදුකල නිලධාරීන් සඳහන් කරන පරිදි මම මරණය සිදුව ඇත්තේ දැරිය අඩි පාරේ ගමන්කරමින් සිටියදී කපා හෙලූ මාර්ගය ආසන්නයේ පිහිටි රබර් ගසක් තවත් රබර් ගසක වැදී එහි අත්තක් කඩා වැටී මෙම දැරියගේ වැදී ඇති නිසාවෙනි.
මෙසේ අනතුරක් සිදුවන අයුරින් අපරික්ෂාකාරිව හා නොසැලකිලිමත්ව ක්‍රියාකල, ගස කැපූ සැකකරුවන් දෙදෙනා නිවිතිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වයස අවුරුදු 41 හා 43 ක් වූ වටාපොත, නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මිනුවන්ගොඩ දමිත් තිසර