නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය.

අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි.

සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරාගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here