ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ලබන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සියල්ල චීන රජය විසින් සැපයීමට එකඟතාව පළකර ඇති බවයි.

මේ අතර ගුරු වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගුරු වෘත්තීය ගැටලු සමාලෝචනය කර ඒවා නිරාකරණය කිරීමට ද රජය මේ වන විට පියවර ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here