ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුයි.

අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා

අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here