පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

මුදල් විශුස්ධීකරණය සම්බන්ධයෙන් වූ විමර්ශනයකට භාජනය වී සිටින ඇය ලබන සැප්තැම්බර් 20 වැනිදා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි නීතිපතිවරයා මේ මගින් දැනුම් දී ඇත්තේ.

නමුත් පියුමි හංසමාලිට එරෙහිව විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය සඳහන් කර තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය විසින් මීට පෙර ඉදිරිපත් කළ රිට් පෙත්සමක අද (15) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්තාවේදීයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විමර්ශන කටයුතු අවසන් වන තුරු පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි.

ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැම්පැම්බර් 20 වැනිදා කැඳවීමටත් දින නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here