පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමින්.

(Ride To Three Freedom) Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

R3F යෙදුම හරහා විශාල වශයෙන් මුදල් උපයාගත හැකි බවට ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ජවාරමට පුද්ගලයන් 5,500ක් පමණ හසුවී ඇති බවය්.

මේ හරහා ගිණුම් 31,000ක් පමණ සකස් කර ඇති අතර පාරිභෝගිකයන්ට ජාවාරම්කරුවන් පවසා ඇත්තේ, ආයෝජනය කරන මුදල මෙන් සිව්ගුණයක් මාස 10කදී උපයාගත හැකි අතර දෛනිකව 1%ක ලාභාංශයක් ලබාගත හැකි බවයි.

මෙම ජාවාරම මගින් තමන් රුපියල් කෝටි 350ක පමණ මුදලක් වංචා කළ බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් අනාවරණ කර තිබෙනවා.

ඉන් රුපියල් කෝටි 50ක පමණ මුදලක් මුල් කාලයේදී ලාභ ලෙස පාරිභෝගිකයන්ට ලබාදුන් බවත්, තවත් මුදල් ප්‍රමාණයක් මෙවැනිම පිරමීඩ ක්‍රමවේදයන්ට ආයෝජනය කළ බවත් සැකකරුවන් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here