නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ පවසනවා.
ඒ සඳහා මෙතෙක් පැවැති රුපියල් දස දහසක දඩ මුදල සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එම කොමිසමේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, පසුගිය සමයේදී දුරකථන වෙළෙඳසල් ලියාපදිංචි නොවීම ඉහළ ගිය බැවින් දුරකථන අලෙවිය නියාමනය කිරීමට කොමිසම හට අපහසු වී තිබීම මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට හේතුව බවයි.
ඒ අනුව මින් ඉදිරියට බලපත්‍ර ලබා නොගන්නා වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ලියාපදිංචිය ලබාගන්නා වෙළෙඳසල් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමත ජංගම දුරකථන පමණක් අලෙවි කළ යුතු බවයි, අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියා.