බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රී රෝද රථවල දැනට දෙවන කිලෝ මීටරයට අයකරන ගාස්තුව රුපියල් දහයකින් අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.
එම අධිකාරිය පවසන්නේ ලබන 15 වැනිදා සිට මෙම ගාස්තු අඩු කිරීම සිදු කරන බවයි.
ඒ අනුව, පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවෙහි වෙනසක් නොවන අතර දෙවෙනි කිලෝමීටරේ සිට මෙම මිල අඩු කෙරෙන බව එම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා සඳහන් කළා.
ඒ අනුව දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතයි.
මීට පෙර ඒ සඳහා අය කෙරුණු මුදල රුපියල් 100ක්.
එමෙන්ම, අන්තර් වාර මිලක් ලෙස හඳුන්වා දෙන මෙම නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මගින් තීරණය කරනු ඇති බවද ඔහු පවසා තිබෙනවා.
තවද, නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් 0760450860 යන දුරකථන අංකයට හෝ වට්ස් ඇප් මඟින් දැනුම් දෙන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ත්‍රී රෝද රථ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
No meter checks are done.bad driver’s. Poor maintaence of vehicle’s. Rigged meters.
Parking spots near heavy traffic and schools.
Do not issue licence for any one below 40ears,as they can contribute to the developmet of our country.