තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි අවු 16 සහ 14 වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) දින සිට අතුරුදහන් වි ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිලි කර ඇති බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි එම වතුයායේ දමිල මහා විද්‍යාලයේ  11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අවු 16 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු සහ 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි  පාසල් සිසුවෙකි.

අතුරුදහන් වි ඇති පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ඉකුත් (14) දින පාසල් නිම වි නිවස කරා පැමිණ ආපසු  බාහිර පන්තියකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත්, ඔවුන් නැවත නිවසට නොපැමිණි ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අතුරුදහන් වි ඇති සිසුවියන් තිදෙනා සහ සිසුවා ඥාතින් බවත්, අතුරුදහන් වි ඇති ළමුන් සොයා කණ්ඩායම් වශයෙන් මෙහෙයුම් දියත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

( හැටන් රංජිත් රාජපක්ෂ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here