අප්‍රිකාවට අයත් මොරිටානියාවට ඔබ්බෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකයන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනසර සංක්‍රමණිකයන් පිරිස පසුගිය 01 වෙනිදා යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
බෝට්ටුව ගිලී යෑමෙන් පසු මුහුදේ පාවෙමින් සිටි 09 දෙනකු බේරා ගැනීමට මොරිටානියා වෙරළාරක්ෂකයෝ පියවර ගෙන තිබුණා.
බේරාගත් පිරිස අතරේ පස් හැවිරිදි දැරියක් ද සිටින බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.