පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ, කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසින්.
ඇය මෙම නියෝගය නිකුත් කළේ, කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගඋත්තරකරු කර ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
මීට පෙරදී ද මන්ත්‍රීවරයා අධිරණය හමුවේ පෙනී නොසිටි බව සඳහන්.
මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ අධිකරනයේ පෙනී සිටියේ නැහැ.
රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක්ට සාපරාධී ලෙස ඇතුලුවීම, දේපල අනර්තය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා වනවා.