මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළ බව කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරුණයන් දෙදෙනකු  සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විල්ගමුව පොලිසියට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු විසි එක සහ විසි හය වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක්.

පොලීසිය පවසන්නේ වතුර මෝටරය සොරාගෙන රුපියල් අනූ දහසක මුදලකට හසලක ප්‍රදේශයේ අයකුට අලෙවිකර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම තරුණයන් මීට පෙර ද සොරකම් කිහිපයක් සිදුකරගෙන තිබෙන බවට ‍ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී තිබෙන බව විල්ගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා පවසා තිබෙනවා.

(උපුටා ගැනීම – ලංකාදීප වෙබ් අඩවිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here