මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ එස්ඇල්ල වසමේ පදිංචි මංද මානසික තරුණයෙකු රවටා ඔහු සහ වයෝවෘධ මව පදිංචිව සිටින නිවස සහිත රුපියල් මිලිය 16ක් වටිනා ඉඩම ලියාගත් කපුවෙකු ලෙසින් වෙස් වලාගෙන සිටි හීනැටියන අඹයා නැමැති පාතාල ක්‍රියාකාරිකයා විසින් එම මන්ද මානසසහ තරුණයා ලවා ඔහුගේ වයෝවෘධ මවව කැලැයකට රැගෙන ගෙස් ඝාතනය කරවා නීතියේ රැහැනට කොටුකරදි එම දේපල භුක්ති විදීමට තැත් කල සිද්දියක් සම්බන්ධ 2024/07/17 ඊයේ රාත්‍රි මිනුවන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත එම පොලිසියේ අපරාධ අංශය යුහුසුළුව ක්‍රියාත්මකවී එම මවව මුදවාගෙන ඇත.

එම අවස්ථාවේ පොලිසිය නිවසේ සිටියේදිම පාතාල ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකු යතුරු පැදිවලින් නිවස ඉදිරිපිට පැමිණ පොලිසියටද තර්ජණයක් කර මංද මානසික තරුණයවද රැගෙන පලාහොස් ඇත.

එම මංද මානසික තරුණයාව ඔවුන් රැගෙන ගොස් ඇත්තේ පොලිසිය ඔහුගෙ ප්‍රෂ්ණ කලහොත් පාතාල ක්‍රියාකාරිකයාගේ සැලැසුම හෙළිවීම වැලැක්වීමට බවටයි.

වයෝවෘධ මව පොලිසියට දන්නවා ඇත්තේ.

ඒ අනුව එම පාතාල ක්‍රියාකාරිකයා සහ ඔවුන් රැගෙන ගිය මංද මානසික තරුණයා සොයා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වන බව අප කළ විමසීමකදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සම්පත් පෙරේරා පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here