මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ ‍කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම හමුව සිදු වන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවකදී.

මැතිවරණයට අදාළ මූලික ලිය කියවිලි රැසක් මේ වනවිටත් මුද්‍රණයට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10ක්.

එම මුදල් සපයා ගැනීම ඇතුළු ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් මුදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි.

මැතිවරණයට අදාළව රාජයේ මුද්‍රණාලයාධිපතිනිය,පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයාද පසුගිය දා මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කර තිබුණා.

තවද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසම හමුවි තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ අනුව ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here