මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (23) අලුයම කිසියම් නාදුනන් පිරිසක් සිදුකල වෙඩිතැබීමක් හේතුවෙන් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට මුලතිව් පොලීසිය පවසයි.

අදාල ගොවියා රාත්‍රියේ කුඹුරට ගොස් නිදා සිටින අතරවාරයේදී අද අලුයම 3 ට පමණ කිසියම් පිරිසක් පැමිණ වෙඩිතැබීම සිදුකොට පලා ගොස් ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ ගොවියා අසල්වාසී ගොවීන් විසින් මුලතිව් මහරෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මරු කොට යවා ඇත.

මෙලෙස වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කල්විලාන් ප්‍රදේශයේ ගොවි සංවිධානයේ ලේකම් තණතුරද දරණ අතර ප්‍රදේශයේ වැලි ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩි සෙයින් විරෝධය පෑම හේතුවෙන් වැලි ජාවාරම් කරුවන් මෙම වෙඩිතැබීමට සම්බන්ධයක් ඇත්දැයි යන්න සැක සහිත බවටද පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

(වන්නි රොමේෂ් මධුෂංක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here