කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවත්  ද අමාත්‍යවරයා කීය.

පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවද අලස් මහතා කීය.

වැඩ බලන පොලිස්පතිවරයකු මේවනවිට නිර්දේශ කර ඇත්ද යන්න පිළිබදව කළ විමසීමකදී අමාත්‍යවරයා පැවැසූවේ වැඩබලන පොලිස්පතිවරයකු පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here