මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයේ දිවුරුම් දීම සිදුකළේ  2022 වසරේ අද වැනි දිනෙකයි.

ඒ අනුව ජනාධිපතිවරයා එම ධුරයේ දිවුරුම් දී අදට වසර දෙකක් සපිරෙනවා.

2022 වසරේ ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම්දීම ජුලි 21 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකළා.

දිවුරුම්දීම සිදු වුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.

එම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එක්ව සිටියා.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා , ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා 2022 වසරේ ජූලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 134 ක් ලබා ගත්තා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ ජූලි 21 වනදා සිට ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු  අසුනෙන් ඉල්ලා අස් වුණා.

එසේ ජනාධිපති ධුරයේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටි ජනතාව ඉන් මුදා ගැනීම සදහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනු ලැබුවා.

ඒ අනුව එහි ප්‍රතිලාභ මේ වන විට ජනතාවට ලැබෙමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here