රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ (17) දින එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

මියගිය දැරිය අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නමැති දියණියක්.

එම ඛේදවාචකය පසුගිය අඟහරුවාදා (16) රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ සිදුව තිබෙන බවට පොලිසිය පවසනවා.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවය.

මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී තිබෙනවා.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here