රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ “Faculty of Allied Health Science (FAHS) නව ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අද (19) සිදු කෙරිණි.
ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉතා අලංකාරවත් අන්දමින් ඉදිකර ඇත.
මෙරට ආර්ථික හා සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අධ්‍යාපනික වැඩසටහන් පෙළගැස්වීම තුළින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා හොඳ තත්ත්වයේ තාක්ෂණික වශයෙන් දක්‍ෂ සෞඛ්‍ය වෘත්තිකයන් රටට බිහි කිරීම සහ සම සෞඛ්‍ය විද්‍යාවන්හි උසස් අධ්‍යාපනය හදාරන සැමට අධ්‍යාපනික අවස්ථා ලබාදීමේ ප්‍රමුඛ අරමුණ මෙම රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත වීමත් සමග සපථ වනු ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨය ස්ථාපිත කිරිම සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මුල් තැන ගත් බවයි.
මෙම පීඨය තුළින් උපරිම ප්‍රයෝජනය ලබා ගත යුතු බවත්, පැය 24 පුරා අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
මෙහිදි අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ව්‍යාපෘති රැසක් 2022 වසරේ ආර්ථික අර්බුදය සමග මන්දගාමී වු බවත්, එවැනි කාල වකවානුවක මෙම ව්‍යාපෘතිය යථාවත් කීරීමට කටයුතු කළ බවත්, ජනාධිපතිතුමාගේ නව ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මෙම ව්‍යාපෘතිය යථාවත් කර ගැනීමට හැකියාව ලැබුන බවයි