අද අලුයම 2ට පමණ මහියංගනය සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් පිළිමතලාව, කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ 64 කණුව අසළ වංගුවේ අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
එම අනතුරින් වෑන් රථයේ ගමන් කළ 9දෙනාගෙන් 7දෙනෙකුම තුවාල ලබා 1990 ගිලන් රථ සේවය ඔස්සෙ මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තුවාල කරුවන් අතර අවුරුදු 14ක ළමයෙකුද සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.
වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර කඩුගන්නාව පොලිස් අනතුර සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.