22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබෙනවා.

මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙන්.

මෙලෙස අද (19) එම ගැසට්ටුව ජනපති නියමයෙන් පළ කෙරුණේ එය ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18) නිවේදනය කළ පසුබිමකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here