ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට , ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක , බැඩ්මින්ටන් ක්‍රීඩක අද (18 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගියේය .
එළඹෙන 07/26 දින ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන මෙම ඔලිම්පික් තරගාවලියේ දී බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්ව සදහා සහභාගී වන ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වීම විශේෂත්වයකි .
විරේන් නෙත්තසිංහ තම පුහුණුකරු මෙන්ම තම පියා වන රොෂාන් නෙත්තසිංහ සමග පැරිස් බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .