සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තා.
ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ලකුණු සම කිරීමට හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරිමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.
සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත හැකිවූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 2 ක් පමණක් වන අතර සුපිරි පන්දුවාරයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.