සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (28) පැවැති පන්දුවාර 20 දෙවැනි තරගය කඩුළු 07කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් රැකීම තෝරාගත් හෙයින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දු තුනක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේදී පිටියට ඇඳහැළුනු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වා දැමුණා.
යළිත් ආරම්භ වූ තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 06යි පන්දු 03කදී ලකුණු 81ක් ලබා ගනිමින් දෙවැනි තරගයේ ජය වාර්තා කරමින් තරග තුනකින් සමන්විත සමස්ත පන්දුවාර 20 තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
.