බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කළා.

ඒ් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි එක්පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here