හලාවත – ඉරට්ටකුලම් ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තවත් අයෙක් අද (05) පෙරවරුවේ මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් වන කාන්තාවක්.
ඒ අනුව අදාළ අනතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තිදෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් ලංගම බස් රථයේ රියදුරා ද ජීවිතක්ෂයට පත් වුණා.