මහනුවර ලුවී පීරිස් මාවතේ හෝටලක පිහිනුම් තටාකයේ ගිලී හත් හැවිරිදි පිරිමි ළමයෙකු ඊයේ (28) පෙරවරුවේ මරණයට පත්ව තිබෙන බව පොලීසිය පවසයි.

මියගිය දරුවා ගේ 10 හැවිරිදි සහෝදරයා ද දියේ ගිලී තිබෙන අතර ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පිහිනුම් තටාකය තුළ සහෝදරයා ගිලී සිටිනු දැක ඔහු බේරා ගැනීමට උත්සහ කිිරීමේ දී 10 හැවිරිදි පිරිමි ළමයි දියේ ගිලී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මියගොස් ඇත්තේ මොහොමඩ් මිස්ජාත් නැමැති ළමයෙකි. කුරුඳුගොල්ල වැරැල්ලගම පදිංචි මොවුන් දෙමව්පියන් සමඟ පෙරේදා (27) මෙම හෝටලයට පැමිණ ඇත. දරුවන් දෙදෙනා ඊයේ (28) පෙරවරු 11.00 ට පමණ තනිව පිහිනුම් තටාකය අසළ සිටිය දී බාල දරුවා පිහිනුම් තටාකයට වැටී තිබේ.

දියේ ගිලුණු සහෝදරයා බේරා ගැනීමට යාමේ දී අනෙක් දරුවා ද දියේ ගිලී තිබෙන අතර රෝහල් සේවකයින් හා දෙමව්පියන් එක්ව ඔවුන් ගොඩට ගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල කරා රැගෙන යනවිටත් බාල දරුවා මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(කමල් සුරවීර-මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here