ප්‍රංශ නගරයක ගල් බිත්ති විවරයක අසිපත වසර 1,300ක් සිර වී තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය ඉතාමත් මුවහත් බව පැවසෙනවා.
අසිපත රඳවා ඇත්තේ අඩි 100 ක් පමණ ඉහළිනි. ‘ඩුරන්ඩල්’ අසිපත යනුවෙන් හැඳින්වෙන මෙය මැජික් අසිපතක් බවත්, ආතර් රජුගේ ‘එස්කැලිබර්’ මැජික් අසිපත සිහිගන්වන, ප්‍රංශ සාහිත්‍යයේ සඳහන් අසිපතක් බව ද පැවැසේ .
11 වැනි සියවසේ රචනා කළ කවියක ද මෙම ‘ඩුරන්ඩල්’ අසිපත ගැන සඳහන් වෙයි.